සුවඳ දැනුනා ජීවිතේ (Suwanda Denuna Jeewithe)
"සුවඳ දැනුනා ජීවිතේ" සමඟ රංගනයෙන් එක්‌වන්නේ රිදී තිරයේ ජනප්‍රියම පෙම් යුවළ වන පූජා උමාශංකර් සහ රොෂාන් රණවකයි.
අයේෂ්මන්ත ධනවත් ව්‍යාපාරිකයකුගේ පුතෙකි. පියාට අයත් ව්‍යාපාර අයේෂ්මන්ත ඉතා දක්‍ෂ ලෙස පාලනය කරයි. අයේෂ්මන්තට පෙම්වතියක් සිටී. ඔහු ඇයට තදින් ආදරය කරයි. එහෙත් පෙම්වතිය විසින් ඇගේ විවාහ මංගල ආරාධනා පත්‍රය නොසිතු දිනෙක, නොසිතු වෙලාවක, නොසිතූ ලෙස අයේෂ්මන්ත වෙත එවයි. මේ නිසා ඔහු කළකිරේ. නිවසින් පිටවන අයේෂ්මන්ත කිසිදු අරමුණක් නොමැතිව ගමන් කරයි. ඔහු සියදිවි හානිකර ගැනීමට සූදානම්වේ. එහෙත් මෙය දකින රශ්මි නමැති තරුණිය අයේෂ්මන්තගේ ජීවිතය බේරා ගනී. සිය නැන්දනියගේ නිවසට අයේෂ්මන්තව කැඳවාගෙන යන රශ්මි ඔහුගේ බිඳී ගිය සිත යළි යථාතත්ත්වයට පත් කරයි. රශ්මිද විවාහ වීමට සූදානම් වන අතර අයේෂ්මන්ත ඇයට සුබ පතයි. නමුත් නොසිතු දෙයක් සිදුවේ. ප්‍රසාද් රශ්මිගේ පෙම්වතා ඇය භාරගැනීම ප්‍රතික්‍ෂේප කරයි. ඒ බව දැනගන්නා අයේෂ්මන්ත රශ්මි සොයා ඇවිද යයි. අයේෂ්මන්තට රශ්මි හමුවේ. ඉන්පසු කුමක් සිදුවේද.. සුවඳ දැනුනා ජීවිතේ.... මේ පැනයට පිළිතුරු සපයනු ඇත. සිනමාස්‌කෝප් පුළුල් තිර සහ ඩී ටී එස් ශබ්ද තාක්‍ෂණයෙන් යුත් සුවඳ දැනුනා ජීවිතේ" කොළඹ, නුවරඑළිය, අඹේවෙල, මහියංගනය ඇතුළු ලංකාවේ අතිශය සුන්දර පරිසර පසුබිම් කරගනිමින් රූගතකර ඇත. (divaina)